Tuesday, September 11, 2012

ස්වර හැදෙන හැටි

තාරතාවය සහ සංඛ්‍යාතය කියන දේවල් අපි ඉගෙන ගත්ත නිසා ස්වර කියන්නේ මොනවද කියන එක හරියටම තේරුම් ගන්න දැන් අපිට පුලුවන්.අද අපි බලන්න යන්නේ සංගීතයේ ස්වර කියන ඒව කොහොමද හැදිල තියෙන්නේ කියලා.


සංඛ්‍යාතය කියන එක දෙගුණ වුනාම අපේ කණට අමුතු  සම්බන්ධතාවයක් දැනෙනවා.ඒ කියන්නේ අපි 200HZ සහ 400 HZ අහුවොත් ඒ දෙකේ කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා තේරෙනවා.හැබැයි සංගීතය හදාරල නැති අය සහ වැඩිය අවධානයකින් සංගීතය අහන්නෙ නැති අයට මේක තේරෙන්නේ නෑ. මේ සම්බන්ධය නිරපේක්ෂ සංඛ්‍යාතය මත තීරණය වෙන්නේ නෑ.ඒක සාපේකෂයි,ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාතයක් හා එහි දෙගුණයක් වෙන සංඛ්‍යාතය අපිට ඇහුවම ඒ දෙකේ සම්බන්ධයක් අපිට තේරෙනවා.එකම ස්වරය උච්ච සහ මන්ද්‍ර විදියට ඇහෙනව කියන්නේ ඕකටයි.ඔය පහල තියෙන video එක අහල බලන්න ඔයාලටත් යම් සම්බන්ධයක් ඇති බව තේරෙනවද කියලා.


සංගීතය කියන එක බැඳිල තියෙන්නේ අපේ කණට ඇහෙන දෙය  මොළය  interpret කරන විදිය අනුව.දැන් ඔයාලට තේරුනා නේ සංඛ්‍යාතය කියන එකේ සාපේක්ෂ බව නිසා අපේ කණට අමුතු සම්බන්ධතා දැනෙනවා කියලා.දැන් අපි බලමු ස්වර කොහොමද හැදෙන්නේ කියලා.මං කිව්වනේ මිනිස් කණ සංවේදි 20Hz-20000Hz දක්වා.ඉතින් මේ 20Hz ඉඳන් අපිට 20000Hz දක්වා සංඛ්‍යාතය අනන්ත ප්‍රමාණයක් බෙදන්න පුලුවන්.ඒත් අපේ කණට වෙනසක් වටහා ගන්න නම් සංඛ්‍යාතයේ අවම පරතරයක් තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට අපිට 400Hz සංඛ්‍යාතයයි 401Hz සංඛ්‍යාතයයි එකම ස්වරයක් විදියට ඇහෙන්නේ,නමුත් මේ වෙනස ටිකක් වැඩි කලොත් ඒ කියන්නේ 440Hz විතර කලොත් ඒ දෙක වෙනස් කියලා අපේ කණට තේරෙනවා.එක එක සංඛ්‍යාත වලදී මෙම අවම අගය වෙනස් වෙන නිසා හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ.දැන් ඔයාලට තේරෙනවනේ සංඛ්‍යාතය පොඩ්ඩ පොඩ්ඩ වැඩි කලාම ඒව වෙනස් ශබ්ද ලෙස තේරෙනවා කියලා.එතකොට ඔයාලට හිතෙයි එහෙම වෙනස් කියල තේරෙන ඒවද ස්වර කියන්නේ කියලා.නෑ එහෙම නෙවෙයි.ඒ සංඛ්‍යාත වලිනුත් සමහර ඒවා අතර අමුතු සම්බන්ධතාවයක් අපේ කණට දැනෙනවා.හරියට මිනිස් ඇහැ රතු,නිල්,කහ වර්ණ අඳුන ගන්නව වගේ.අපි ඉස්සෙල්ල අර උච්ච මන්ද්‍ර ස්වර ඇහුවෙ.ඒ වගේ සංඛ්‍යාත වල එක එක භාග වලදී කණට යම් යම් සම්බන්ධතා ගොඩනැගෙනවා.අන්න ඒ සම්බන්ධතා පදනම් කරගෙන තමයි ස්වර ගොඩනැගිලා තියෙන්නේ.හැබැයි එක එක  සංගීතඥයන්ට පොඩ්ඩ පොඩ්ඩ මේ සංඛ්‍යාතය සාපේක්ෂ ලෙසත් නිරපේක්ෂ ලෙසත් වෙනස් කරන්න පුලුවන්.උදාහරණයක් විදියට A  ස්වරයට 440Hz,436Hz,444Hz වගේ අගයන් යොදාගන්න පුලුවන් එතකොට ඊට සාපේක්ෂව අනිත් ස්වර වල සංඛ්‍යාත වෙනස් වෙනවා.නමුත් සම්මතයක් තියෙන්න ඕනෙ නිසා දැනට A ස්වරය 440Hz ලෙස ගොඩක් සංගීතඥයන් යොදාගන්නවා.
ඒ වගේම ස්වර අතර පවතින ගණිත සම්බන්ධතාත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා සමහරු ස්වර ගොඩ නංවලා තියෙනවා.ස්වර හදාගන්න ගණිත ක්‍රම ටිකක් සංකීර්ණයි.එක එක සංගීත සම්ප්‍රදායන් අනුව,කාලෙන් කාලෙට මේ ක්‍රමය වෙනස් වෙනවා.ඒ අනුව එක එක ස්වර වලට හිමි සංඛ්‍යාත ඉතා සුලු වශයෙන් වෙනස් වෙනවා.මෙහෙම වෙනස් කරන්නේ අපේ කණට ඇහෙන්න ඕනේ මිහිරිම විදිය ගැන එක එක්කෙනා දරණ මතයන් නිසා.

සංගීතය ඉගෙන ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ ස්වර හදාගන්න ක්‍රමය නෙවෙයි එම ස්වර මොනවාද සහ ඒවා යොදාගන්නා නීති රීති මොනවද කියල ඉගෙන ගැනීමයි.ඒක නිසා ඊලඟ පාඩමෙන් අපි බටහිර සංගීතයේ සහ හින්දුස්තානි සංගීතයයේ මූලික ස්වර ගැන ඉගෙන ගමු.

පසු වදන: ටිකක් කල් යනව තමයි මෙහෙම විස්තර ඇතුව ඉගෙන ගන්න,නමුත් මෙහම ඉගෙන ගත්තම ඔයාල කවදාවත් අතරමං වෙන්නේ නෑ.ප්‍රශ්ණ තියෙනව නම් අහන්න,ප්‍රශ්ණ අහන්නේ නෑ කියන්නේ එක්කෝ ඔයාලට මං කියන දේවල් සක් සුදක් සේ තේරිලා වෙන්න ඕනේ.නැත්නම් එක අකුරක්වත් තේරිලා නැතුව වෙන්න ඕනේ :D

24 comments:

  1. guitar ekaka frequency eka wadi wena paththata, frets athara thiyena dura adu wenne ay???

    ReplyDelete
    Replies
    1. මල්ලි සංඛ්‍යාතය සහ ස්වර අතර තියෙන්නේ ලඝු සම්බන්ධයක්,මල්ලි සංඛ්‍යාතය සහ ස්වර අතර තියෙන්නේ ලඝු සම්බන්ධයක්,A/L වලට maths සහ physics කල නිසා එම කෙටි පිලිතුරෙන්ම ඔයාට ඒක තේරෙයි කියලා හිතනවා. :)

      Delete
    2. ok ok... ela ela...

      Delete
  2. ප්‍රගීත්12:39 AM

    ස්වරයකින් ස්වරයකට වෙනස් වීම සිද්දවෙන්නේ හරියටම මෙතනින් කියල කියන්න පුලුවන්ද? මටනම් හිතෙන්නේ ස්වර පැවතෙන්නේ CONTINUOUS ආකාරයට, හරියටම මෙතැනදී මේ ස්වරය වෙන්වෙනවා කියල කියන්න පුලුවන්ද ? සංඛ්‍යාතයෙන් සංඛ්‍යාතයක් විදිහට ස්වර වෙන් වෙන්නේ නෑ නේද? මම කියන එක තේරෙනවද මන්දා ? ඒ කියන්නේ එක ස්වරයකට සංඛ්‍යාත පරාසයක් තියෙනවා නේද? මේවා අතර overlap වීමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ,ස්වර සන්තතික නෑ.එක් ස්වරයකට නියමිත සංඛ්‍යාතයක් තිබිය යුතුයි.නමුත් සංඛ්‍යාත පරාසය සන්තතිකයි.(continuous)අපි සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේදි ස්වර වල නියමිත සංඛ්‍යාත පිහිටුවා ගැනීම කල යුතුයි.ස්වරයක ඉඳන් තවත් ස්වරයක යනකොට යම් අවස්තාවක අපිට වෙනසක් දැනෙනවා.පුහුණු කල කණකට එම වෙනස දැනෙනේ ස්වරය වෙනස් වෙන්න කලින්.හින්දුස්තානි සංගීතයේදී ශෘති යනුවෙන් හඳුන්වන්නේ semitone එකකටත් වඩා අඩු වෙනසක් ඇති සංඛ්‍යාත වලට.බටහිර සංගීතයේදීත් microtone යනුවෙන් යොදා ගන්නෙ මීට අනුරූප දෙයක්.හරියටම මේ ස්වරය මෙතනින් වෙන්වෙනවා කියලා කියන්න සිදු වෙන්නේ නෑ අපි ස්වර වලට නියමිත සංඛ්‍යාත පිහිටුවා ගත්තම.ස්වර අතර ඇති සංඛ්‍යාත ස්වරයක් විදියට අපි ගනන් ගන්නේ නෑ.නමුත් සන්තතිකව වාදනය කරන්න පුලුවන් වාදන භාණ්ඩ වලදීත් ,ගායන කිරීමේදීත් එක ස්වරයක ඉඳන් තවත් ස්වරයකට යනකොට මේ සියලු සංඛ්‍යාත පහු කරන් යන්න පුලුවන්.

      සංඛ්‍යාතයෙන් සංඛ්යාතයට අනුව ස්වර වෙනස් වෙන්නේ නැද්ද කියලා ඔයා ඇහුවේ පොඩ්ඩක් පටලවගෙන.සංඛ්‍යාතය කියන එක සන්තතිකයි.256Hz,257Hz වගේම 256.1Hz,256.2Hz විදියට වෙන වෙන සංඛ්‍යාත අනන්ත වශයෙන් ගන්න පුලුවන්.පූර්ණ ස,ංඛ්‍යයා විතරක් නෙවෙයි.

      Delete
    2. මට හිතෙන විදිහට , ස්වර කියන්නේ එක එක සංඛ්‍යාතයන් වලට දාගත්තු concepts ටිකක්. උදාහරණයක් කියනවා නම් පියානෝවක middle C එකේ සංඛ්‍යාතය දල වශයෙන් 262Hz ලෙස නියම කරගෙන තියෙනවා. වෙනත් ස්වර වලටත් එහෙමයි. නැතුව CONTINUOUS ආකාරයට ස්වර නැහැ. මොකද ඔය කලින් කියපු Middle C එකට 262.5 හෝ 261.5 වාදනය කලොත් ඇහෙන්නේ වෙන සද්දයක් මිසක්, අපි සම්මත ලෙස දාගත්තු Middle C එක නෙවෙයි.

      Delete
    3. හරියටම හරි charith.සම්මතයක් පිහිටුවා ගැනීම තමයි කරලා තියෙන්නේ.නමුත් කාලෙන් කාලෙට මේ සම්මතය වෙනස් වෙනවා.දැන් සම්මතය A=440Hz

      Delete
    4. ප්‍රගීත්2:39 AM

      බොහොම ස්තුතියි දෙන්නටම , මම සංගීතය හදාරලා නැති නිසයි මෙහෙම ඇහුවේ , මෝඩ ප්‍රශ්නයක් ඇහුවනම් සමාවෙන්න ඒත් එක මට ඇත්තටම තිබුණු ප්‍රශ්නයක්.

      Delete
    5. ප්‍රගීත් ඔයා ඇහුවේ ඉතාම හොඳ ප්‍රශ්ණයක්.ප්‍රශ්ණයෙන්ම තේරෙනවා ඔයා ගැඹුරට හිතන බව.ඔහොම ප්‍රශ්ණ නගන්න දිගින් දිගටම,ප්‍රශ්ණ වලින් තමයි අපි හොඳට ඉගෙන ගන්නේ.

      Delete
    6. Anonymous2:22 PM

      සරලම දේ වර්ණ දෙස බලන්න. උදාහරණයක් ලෙස අපි නිල් කියන වර්ණය යම් කිසි පරාසයක විහිදෙනවා. එත් අපි එයට නිල් කියනවා තවත් විශ්ලේෂණය කරොත් තද නිල් , ලා නිල් වගේ එහාට බෙදන්න පුළුවන්.

      Delete
  3. නියමයි විනෝද්.... මාත් එහෙන් මෙහෙන් ඉගෙනගත්තට හරියටම ඉගෙනගෙන නැහැ... මේක ගොඩක් හොද වැඩක්.... ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිහාන්!

      Delete
  4. "swara" potak saha "sangeeta banbayak" atetiwa sangeetaya uganwana guruwaru anantaya. ounta ette geegaya pilibada denumak pamani. tamage wishaya nirmanaya we eti akaraya keseda, ahi widyatmaka padanamak tibeda? soyannata ounta uwamana neta. "mudal" padanam karagena dahas ganan "daruwan" ataraman karati. awan yugayaka oba weni ayek pahala wi ette a daruwnge yahapatataya.
    ihata sadahan lipi prayojanawat wanne, wayasa ikmawana api wini ayata nowei. punchi daruwantaya. mema karunu karana siyalla api daruvanta diyu yutumay a sadaha oba yam wedasatahanak sadanna. api(mama) oba samaga niraturu sitinnemu....
    ihata sadahan lipiye, vidyatmaka krama anuwada ape (batanalawa,beraya) weni banda nirmanaya kara tibenne?

    ma kemati "fingerstyle" kramayata (mudal getaluwk neta uwamanawata anuwa)
    obe gamanata jaya patami. budu saranay



    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත ඔබගේ අදහස ඉතාම ඉහලින් අගය කරමි.බොහොම ස්තූතියි දිරිමත් කිරීමට.

      ඔබගේ පැණයට පිලිතුර :
      (බටහිර සංගීතය හැරුණු විට)ගොඩක් විට සිදු වන්නේ කණට ඇහෙන විදිය අනුව වාද්‍ය භාණ්ඩ නිර්මාණය වීමයි.විද්‍යාත්මකව කරුණු විමසන්නේ ඉන් පසුවයි.
      එක් එක් සංස්කෘති වලදී ඊට ආවේණික වූ සංගීත භාණ්ඩ ඇති අතර ඒවා වල ඇත්තේ එකින් එකෙට ආවේණික වූ ස්වර පිහිටුම්.මේ නිසාම තමයි දැන් ලෝකයේ සම්මතයක් පිහිටුවාගෙන තියෙන්නේ.කෙසේ වෙතත් විවිධ සංස්කෘති වල බිහි වී ඇති ආවේණික ස්වර පද්ධතීන් ගැන පුලුල් විද්‍යාත්මක හැදෑරීම් කර ඇත්තේ ඉතා අඩුවෙන්.
      නමුත් බටහිර සංගීතය විද්‍යාත්මක පසුබිමක් සහිතවම දියුනු වුන එකක්.එහෙම වුනත් වෙනත් සංගීත පද්ධතීන් වලත් විද්‍යාත්මක පසුබිමක් නැතුවාම නෙවෙයි.

      Delete
  5. Anonymous7:41 AM

    niyamai ayye ohoma yan...

    ReplyDelete
  6. ගිටාර් එකේ මුල් fret වල පරතරය වැඩිනිසා frequency ය සුළු වශයෙන් වෙනස්වෙන්නැද්ද. එතනදී ස්වරයට හානියක් වෙන්නැද්ද.

    ප්‍රගීත් ඔයාට හොදට තේරුම් කරන්න පුළුවන්. ජය.

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම නැහැ ,මොකද string එක fret එක මත තමයි රැඳෙන්නේ අපි කොතන ඇල්ලුවත්.

      Delete
  7. Anonymous7:26 AM

    #[from]තරිඳු
    අයියේ ලිපිය නම් කියෙව්වා අදත් තව අලුත් දේවල් දැනගත්තා.ThankX

    අයියේ පොඩි උදව්වක් කරන්න. ගිටාර් එකක් මුලින්ම ගත්තම කරන්න ඕනේ දේවල් ටිකක් කියල දෙනවද ? ඒ කිව්වේ අලුත් ගිටාර් එකක් ගත්තම ඒක tune කරන්නේ කොහොමද , ඒක කරන පිළිවෙල වගේ අලුත් ගිටාර් එකක් ගත්තම මුලින් කරන්න ඕනේ දේවල් ටිකක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා(මම මේ මුල්ම වතාවට තමයි ගිටාර් එක ඉගෙනගන්නේ ඒක නිසා මම ඕවා ගැන දන්නේ නැති හින්දයි ඇහුවේ)
    plz ඊළඟ ලිපියෙන් උත්තරයක් දෙන්න හොඳේ.
    ගොඩක් ඉස්තුතියි
    ජය~!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් තරිඳු මල්ලි,මම ඒ ගැන ලිපියක් ලියන්නම්.

      Delete
  8. ප්‍රගීත්7:14 PM

    මොකද ඉන්නේ නොකර සද්ද?
    ගිටාර් පන්තිය ඉවරද? අනේ එහෙම නම් කරන්න එපා.................

    ReplyDelete
    Replies
    1. ඉවරයි කිව්වට ඉවරම නෑ, :D

      ටිකක් ප්‍රමාද වුනා අලුත් ලිපියක් ලියන්න.වැඩ පොඩ්ඩක් වැඩි වුනා ප්‍රගීත්.

      Delete
  9. Minula Coolsoul5:53 AM

    oyage anik post dekatama cmt danna bariwuna bro very sry mee lipiyath godak hodai kep it up!!!

    ReplyDelete
  10. Api balagena inne. Ikmanata Lessons denna.

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල ටිකක් ප්‍රමාද වුනා අලුත් ලිපියක් ලියන්න.වැඩ පොඩ්ඩක් වැඩි වුනා.

      Delete

පොඩි කමෙන්ටුවක් දාලම යන්න.