Sunday, November 4, 2012

සිහින ලොවක් දුටුවා මතකයි ගිටාර් පාඩම

ගිටාර් ටැබ් කියවන හැටි ගැන මම පාඩමක් දැම්ම මතක ඇතිනේ.ඒක බැලුව නම් මේ වීඩියෝ පාඩම එච්චර අමාරු වෙන එකක් නෑ,මේ lesson එක සම්පූර්ණයෙන්ම Free .



http://guitarlk.com/sihina-lowak-guitar-lesson/

PS:ගොඩක් අය අහල එවල තිබ්බ දැන් සල්ලි වල්ට විතරද පාඩම් කියල?
අනේ නැහැ, මේකයි හේතුව...
බ්ලොග් එකක් ලියනව වගේ නෙවෙයි සයිට් එකක් කරනකොට.host කරන්න ඕනේ,plugins ගන්න ඕනේ, මේවට ගොඩක් වියදම් යනවා.අනික මේ වැඩේට් මං විතරක් නෙවෙයි වෙන instructors ලත් videos කරනවා.ඒ අයටත් ගෙවන්න ඕනේ.මගේ මහන්සිය සහ ඔය වියදම් ටික කවර් කරගන්න තමයි මම පොඩි ගානක් අය කරන්නේ.

එතන Chords section එක සම්පූර්ණයෙන් free ,Forum එකත් free 

විඩියෝස් යම් ප්‍රමාණයක් free.

Wednesday, October 31, 2012

රිදම් ගිටාර් වාදනය ඉගෙන ගමු - ප්‍රථම කොටස


ගිටාර් ඉගෙන ගන්න අයගේ බලාපොරොත්තුවක් තමයි තනියම ගීතයක් ගයමින් වාදනය කිරීම.මේ සඳහා එම ගීතයේ කෝඩ්ස් ඉගෙන ගැනීම මෙන්ම එහි තාලයට අනුරූපව (rhythm එකට) වාදනය කිරීමත් ගොඩක් වැදගත්.ගිටාර් කෝඩ්ස් හොයා ගන්න පහසු වුනත් එවැනි rhythm patterns හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.විශේෂයෙන් සිංහල සිංදු වලට ගැලපෙන විදියට.
මෙම පාඩම් මාලාවෙන් අපි ඉගෙන ගන්න යන්නේ rhythm patterns ගැනයි.මෙම පාඩම් මාලාව පාඩම් 16 කින් යුක්ත වෙනවා.පාඩම් මාලාව අවසානයේදී ඔයාලට ඕනෑම සිංහල සිංදුවක් වාදනය කිරීමට හැකියාව ලැබේවි.ඒ වගේම ඔයලට තමන්ගේම strumming patterns නිර්මාණය කිරීමටත් හැකියාව ලැබේවි.

Guitarlk.com සයිට් එකේ මම පාඩම් 16ම දැම්මා.නමුත් එයින් එකයි දැනට Free.
බය වෙන්න එපා. අපේ ගිටාර් පන්තියේ පාඨකයන් වෙනුවෙන් පාඩම් 16 ම මම නොමිලේ දෙනවා.අදට මේ පාඩම බලන්න.මතක ඇතුව එතන register වෙලා කමෙන්ට් එකක් දාල යන්න.
මෙතන Click කරන්න.

Guitar Lesson 1

 

Sunday, October 7, 2012

ගිටාර් පන්තිය නැවතුනේ ඇයි?

මුලින්ම ගිටාර් පංතියත් එක්ක ඉන්න ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මොකද ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්න නොහැකි වුනු නිසා.කාරණය කියල ඉන්නම්කෝ.මම අලුත් සයිට් එකක් පටන් ගත්තා.ඒ ඔයාල වෙනුවෙන්ම ගිටාර් පාඩම් වීඩියෝ විදියට දාන්න.ඒකේ design එක හදන්න තමා මේ තරම් දවසක් ගත වුනේ.
ඒ සයිට් එක තමයි www.guitarlk.com
ඔයාලත් ගිටාර් පන්තියෙ ඉන්න නමින්ම guitarlk.com අලුත් සයිට් එකට register වෙන්න.මේ සයිට් එකේ forum එක මගින් ඔයාලට ගිටාර් ටැබ්ස් සහ සිංහල සින්දු වල කොර්ඩ්ස් ලබාගන්නත් පුලුවන්.මේ සයිට් එකේ මම විතරක් නෙමේ තවත් ගිටාර් වාදක ශිල්පීන් කිහිප දෙනෙක්ද ගිටාර් පාඩම් සමගින් ඔබ සමඟ එකතු වෙනවා.ඒ අයත් එක්ක ඔයාලට එන ගැටලු සඳහා අවශ්‍ය පිලිතුරු සපයාගන්නත් පුලුවන්.

මේ අලුත් වැඩේට ඔයාලගේ කමෙන්ට්ස් සහ අදහස් ගොඩාක් වටිනවා.  :)

Sunday, September 23, 2012

ගිටාර් ටැබ් යනු මොනවාද?

ගිටාර් ටැබ් (Guitar Tab) යනු කුමක්ද?

 ගිටාර් ටැබ් යනු ගිටාරයෙන් වයනු ලබන සංගීතය ලියන එක්තරා ක්‍රමයක් වේ.සම්මත ගී ප්‍රස්තාර ලියනු ලබන සංකේත වෙනුවට මෙහිදී ASCII අකුරු සහ ඉලක්කම් භාවිතා වේ.

ගිටාරයේ ස්වර පිහිටා ඇති අයුරු

හරි දැන් ඉතින් ඔයාල ස්වර ගැන දළ අවබෝධයක් ලබාගත්තනේ,අද අපි බලමු ගිටාරයේ ස්වර කොහොමද පිහිටල තියෙන්නේ කියල.පහත රූප සටහනේ පෙන්වල තියෙන්නේ ගිටාරයේ ස්වර පිහිටන අන්දම.අපිට ගිටාරය අවශ්‍ය විදියකට ටියුන් කරගන්න පුලුවන්.ඒත් ගොඩක් අය භාවිතා කරන ක්‍රමය තමයි පහත දක්වල තියෙන්නේ.

Thursday, September 20, 2012

ස්වර නාමකරණය

ස්වර කියන්නේ මොනවද කියල දල අවබෝධයක් ඔයාලට දැන් ලැබෙන්න ඇති.හැබයි අපි ඒක ඉගෙන ගත්තේ විද්‍යාත්මක පැත්තෙන්.අද අපි බලන්න යන්නේ සංගීත ශ්‍රාස්ත්‍රය පැත්තෙන් ස්වර කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා.

Tuesday, September 11, 2012

ස්වර හැදෙන හැටි

තාරතාවය සහ සංඛ්‍යාතය කියන දේවල් අපි ඉගෙන ගත්ත නිසා ස්වර කියන්නේ මොනවද කියන එක හරියටම තේරුම් ගන්න දැන් අපිට පුලුවන්.අද අපි බලන්න යන්නේ සංගීතයේ ස්වර කියන ඒව කොහොමද හැදිල තියෙන්නේ කියලා.

Thursday, September 6, 2012

සංගීතය විදු ඇසින් - දෙවන කොටස

පසුගිය පාඩමෙන් අපි ඉගෙන ගත්තනේ සංගීතය සහ ශබ්දය අතර ඇති සම්බන්ධය ගැන.අද අපි බලමු ශබ්දයක තියෙන විවිධ ගුණ පිලිබඳව. මූලිකවම ශබ්දයක ප්‍රධාන ගුණ 3ක් අපිට කතා කරන්න පුලුවන්.ඒ තමයි
  • හඬේ සැර නැත්නම් විපුලතාවය (Loudness)
  • තාරතාවය (Pitch)
  • ධ්වනි ගුණය (Tone)

Wednesday, September 5, 2012

බීරි අයට සංගීතය අහන්න බැරිද?

සංගීතය අත්විඳින්න පුලුවන් කණෙන් විතරද?
නැහැ.
Ludwig van Beethoven කියන ලෝක ප්‍රසිද්ධ සංගීතඥයා සමහර නිර්මාණ බිහි කලේ  එයාගේ කන් ඇහෙන්නෙ නැතුව ගියාට පස්සේ.අපේ මොළය සංගීතය ග්‍රහණය කරන්නේ කොහොමද කියලා විද්‍යාඥයින් තවම හරියට හොයාගෙන නෑ.මේ පිලිබඳව සෑහෙන පර්යේෂණ දැනට කෙරෙමින් පවතිනවා.ඒ ගැන හදාරණ
විෂයට කියන්නේ Music Cognition කියලා.

Sunday, September 2, 2012

සංගීතය විදු ඇසින් - ප්‍රථම කොටස

සංගීතය ගැන මූලික හැදෑරීමක් කරන්නේ නැතුව වාදන භාණ්ඩයක් ඉගෙන ගන්න එක ගිරවෙක්ට කතා කරන්න උගන්නවා වගේ වැඩක්.උගන්නන දේවල් ඇර වෙන දෙයක් හිතලා කරන්න බෑ.ඒක නිසා අපි යන්න හදන දිගු ගමනට හොඳ පදනමක් දාගන්න සංගීතය කියන්නේ මොකද්ද කියන එක ගැන පොඩි හැදැරීමක් කරමු.